13 January 2025


සෞඛ්‍ය ඇමති හදිසියේම ඖෂධ නීතිගත සංස්ථාවට



ඖෂධ ක්ෂේත්‍රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලු සේවකයන්ව ධෛර්යමත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ නාරාහේන්පිට මෙහෙවර පියස කාර්යාල සංකීර්ණයේ පිහිටි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථා කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ ඖෂධ ක්ෂේත්‍රය වර්තමානයේ ලොව අධික ලාභ උපයන ව්‍යාපාරයක් මෙන්ම ජාවාරමක් බවටද පත්ව ඇති බවයි.

ඖෂධ සැපයුම් ජාලය සහ එහි වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳවත් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ පිළිබඳවත් ඉදිරියේදී එම කටයුතු වර්ධනය කරගත යුතු ආකාරය පිළිබඳවත් අමාත්‍යවරයා එහිදී පාලන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

(colombotimes.lk)