19 April 2025


ගාසා තීරයට තවත් ඊශ්‍රායල ප්‍රහාරයක් - 15කට දිවි අහිමි වෙයි



ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේ නිවසකට ඊශ්‍රායලය විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 10 දෙනෙක් අතුරුදන් වී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එලෙස අතුරුදන් වූ පුද්ගලයන් සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

(colombotimes.lk)