15 June 2026

logo

බදුල්ලට තවත් සුඛෝපභෝගී දුම්රියක්



කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
 
එය එළඹෙන 16වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

සංචාරයකයන්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මෙම දුම්රිය ආසන 350කින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉරිදා රාත්‍රී 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බවයි.

(colombotimes.lk)