කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ පවත්වාගෙන ගිය බව කියන අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයේ සේවය කිරීමට පාකිස්ථාන ජාතිකයන් දෙදෙනෙක් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනයකදී කෙහෙල්බද්දර පද්මේ විසින් නුවරඑළිය ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් තොරතුරු අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.
අද (04) පෙරවරුවේ කුරුඳුවත්ත නව පොලිස් ස්ථාන ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙම තොරතුරු අනාවරණය කළා.
මේ අතර කෙහෙල්බද්දර පද්මේ විසින් අදාළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරය සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත් ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවටත් තොරතුරු හෙළිවී තිබෙනවා.
එමෙන්ම ඒ සඳහා අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)