05 May 2025


ඇප මත මුදා හැරි මහේෂ් ගම්මන්පිල යළි රිමාන්ඩ්



ඇප මත මුදා හැරි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ඔහුට ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන්.

පසුගිය රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ගෙන්වා රජයට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නමැති වරද සිදු කළ බවට සැකපිට ඔහුව පසුගියදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

 
(colombotimes.lk)