05 May 2025


හිටපු අමාත්‍යවරයෙක්ට එරෙහි නඩුවක් කල් යයි



හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙක්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක් කල් තැබීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා.

ඒ එළඹෙන ජූලි 10වනදා දක්වායි.

2015 වසරේ පැවැති ජනාධිපතිවරණ සමයේදී ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් අරමුදල්වලින් රුපියල් ලක්ෂ 10කට ආසන්න මුදලක් වැය කර දේශපාලන කටයුතු සඳහා ජී.අයි.පයිප්ප බට මිලදී ගැනීම තුළින් දූෂණය නැමති වරද සිදු කර ඇති බවට හිටපු අමාත්‍යවරයා ඇතුළු තිදෙනෙක්ට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

 
(colombotimes.lk)