රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ මීන්නාන ප්‍රදේශයේදී අද (18) බස් රථයක් සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ 23දෙනෙක් ඇහැළියගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සඳහන් කළේ ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් ඇහැළියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
(colombotimes.lk)