18 June 2025


පාර්ලිමේන්තුව කල් තබයි



පාර්ලිමේන්තුවේ කටයුතු හෙට (18) පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි  කටයුතු කර තිබෙනවා. 

ඒ අද (17) පස්වරු 3.30 සිට 5.30 දක්වා ඉරාන ඊශ්‍රායල ගැටුම හමුවේ ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම සම්බන්ධයෙන් කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව තිබූ පසුබිමකයි. 

එම විවාදය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. 

කෙසේ වෙතත් එම යෝජනාව විවාදයට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී ඔහු පාර්ලිමේන්තු සභා ගර්භයේ නොසිටි බවයි වාර්තා වන්නේ. 

ඒ හේතුවෙන් නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි විසින් පාර්ලිමේන්තුව හෙට පෙරවරුව දක්වා කල් තැබීමට කටයුතු කළා. 

 
(colombotimes.lk)