වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේදී ලංගම බස් රථයක පිටුපස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් අද (24) අනතුරක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි කාන්තාවක් ඇතුළු හය දෙනෙක් තුවාල ලබා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි.
එමෙන්ම අනතුරින් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හම්බන්තොට මහ රෝහලට මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු තණමල්විල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)