24 May 2025


නිළි රැජිණගේ වියෝව ගැන ජනපති සටහනක් තබයි



ලාංකේය සිනමාවේ සැබෑ නිරුපිකාවක් වූ මාලනි ෆොන්සේකා මහත්මියගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පාවට පත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

ජනාධිපතිවරයා එහි සඳහන් කර ඇත්තේ ඇගේ කරුණාව හා දක්ෂතාවයෙන් පරම්පරා ගණනාවක් ආභාශය ලැබූ බවයි.

ඇය දිවි සැරිය නිම කරනුයේ තවත් එක් කලාකාරිනියක හෝ ශිල්පිනියක නොව වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලි නාට්‍යද යන සියලුම අංශයන්හී අසාමාන්‍ය ප්‍රතිභාවක් විදහා දැක්වූ රංගවේදිනියක ලෙස බව ජනාධිපතිවරයාගේ සටහනෙහි සඳහන් වනවා.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සම්පූර්ණ සටහන පහතින්,



(colombotimes.lk)