02 July 2025

logo

හාවර්ඩ් විශ්වවිද්‍යාලය ගැන ට්‍රම්ප්ගෙන් දැඩි තීන්දුවක්



ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවා ගැනීම අත්හිටුවා තිබෙනවා.

ඒ ට්‍රම්ප් පරිපාලනය විසින්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ  එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරණ දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවට දැනුම්දී ඇති බවයි.

හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බව මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළා.

(colombotimes.lk)