නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සංචාරයක් සඳහා අද (24) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු ලබන 28වනදා දක්වා මෙරට රැඳී සිටින බවයි.
මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා කිරීමටද නියමිතව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ වින්ස්ටන් පීටර්ස් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සමඟ වෙළඳ හා ආයෝජන, කෘෂිකර්මාන්තය, අධ්‍යාපනය, සම්බන්ධතාවය, සංචාරක සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩි දියුණු කිරීම අරමුණු කරගත් ද්විපාර්ශවික සාකච්ඡාව පවත්වන බවයි.
එමෙන්ම නියෝජ්‍ය අගමැතිවරයා සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක් ද මෙම සංචාරයට සහභාගී වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
