අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදිනී මාලිනී ෆොන්සේකාගේ නිසල දේහය ඇයගේ මාදිවෙල පිහිටි නිවස වෙත රැගෙනවිත් තිබෙනවා.
ඇය අභාවප්‍රාප්ත වන විට 78 වන වියේ පසු වුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට සියලු කටයුතු සැලසුම් කර තිබෙනවා.
එමෙන්ම ඇයගේ දේහය හෙට (25) දිනයේ පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ තැන්පත් කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)
