24 May 2025


තවත් බිහිසුණු අනතුරක්



නුවරඑළිය මහනුවර මාර්ගයේ ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථයක් පෙරළීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයන් 21දෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් නුවරඑළිය රෝහළට ඇතුළත් කළ බව පොලීසිය සඳහන් කළා.

කුරුණෑගල සිට බදුල්ල දක්වා විනෝද චාරිකාවක් යමින් සිටි පිරිසක් එලෙස අනතුරට ලක්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

එම අනතුරට ලක් වූ බස් රථයේ මගීන් 54 දෙනෙක් ගමන් කරමින් සිට තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි.

(colombotimes.lk)