24 May 2025


කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට ජල සැපයුම අත්හිටුවයි



කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) පෙ.ව. 8.00 සිට ප.ව. 8.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන්.

කොළඹ 1 සිට 15 දක්වා, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල, කොලොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්‍රදේශවල එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)