හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මියයන විට 78 වන වියේ පසු වුණා.
රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ඇය ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස මියගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව එළඹෙන 26වනදා කොළඹ නිදහස් චතුරශ්‍රයේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එමෙන්ම ඇයගේ දේහය හෙට (25) දිනයේ පෙරවරු 10.00 සිට මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී ශාලාවේ තැන්පත් කරන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)