අත්අඩංගුවට පත් හිටපු අමාත්‍යවරයෙක් වන අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ අද (23) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (22) පස්වරුවේ මෙම සැකකරුවන් දෙදෙනාව අත්අඩංගුවට ගත් බවයි.
2014 වසරේදී බිංගිරිය, නාරම්මල ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මඟින් රුපියල් මිලියන 6.1ක මුදලක් ලබාගෙන එම කටයුත්ත සඳහා භාවිතා නොකර එම මුදලින් 2015 වසරේ ජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)