11 February 2025


අනුර කැනඩාව බලා පිටත් වෙයි



ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (20) සවස කැනඩාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ, කැනඩාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් අමතන ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහායි.

ජාතික ජන බලවේගයේ කැනඩා කමිටුව විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත ජන හමුවක් 23 වන සෙනසුරාදා දින පස්වරු 3.00ට කැනඩාවේ ටොරොන්ටෝ අගනුවර දී  පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම තවත් ජනහමුවක් 24 වන ඉරිදා දින පස්වරු 2.30ට වැන්කුවර් නගරයේ දී පැවැත්වෙන බවයි ජාතික ජන බලවේගය සඳහන් කළේ.
(colombotimes.lk)