01 July 2025

logo

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10වන දිනය අද



අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 10වන දිනය අදයි.

ඒ සඳහා අද (10) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වනවා.

එහිදී අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

අයවැය කාරක සභා විවාදය ලබන 21වනදා අවසන් වනවා.

එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වෙනවා.   

(colombotimes.lk)