12 July 2025

logo

සිරකරුවන් පිරිසක් පළා යයි



ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක සිරකරුවන් 50කට වැඩි පිරිසක් පළා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය මාර්තු 10 වනදා ඉන්දුනීසියාවේ ආචේ හී කුටකානේ බන්ධනාගාරයෙන් මෙලෙස රැඳවියන් 53දෙනෙක් පැනගොස් ඇති බවයි.

එමෙන්ම පළා ගිය 21දෙනෙක් යළි අත්අඩංගුවට ගෙන ඇති අතර 32ක් තවදුරටත් අතුරුදන්වී සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම බන්ධනාගාරයේ පුද්ගලයන් 100දෙනෙක්ට නවාතැන් ගත හැකි වුවද නිලධාරීන් සඳහන් කළේ දැනට එහි 368දෙනෙක් සිටින බවයි.

(colombotimes.lk)