13 March 2025


ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් මුදා ගනියි



පාකිස්ථානයේ සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මඟීන් 346දෙනෙක් මුදාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පෙරේදා (11) දහවල් බලුකිස්ථාන ප්‍රාන්තයේ කුවේටාර් සිට පේශාවරු බලා ධාවනය කළ ජෆාර් එක්ස්ප්‍රස් දුම්රිය කැරළිකරුවන්ගේ ග්‍රහණයට ලක් වූ බවයි.

එම අවස්ථාවේ දුම්රියේ මගීන් 400කට අධික පිරිසක් සිට තිබෙනවා.

පැය 48ක් තුළ දේශපාලන සිරකරුවන් පිරිසක් නිදහස් නොකළහොත් මගීන් සමඟ දුම්රිය පුපුරවා හරින බවට අනතුරු අඟවා තිබෙන බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන ආරක්ෂක අංශය සඳහන් කළේ දැඩි පරිශ්‍රමයක් දරා සිවිල් වැසියන් මුදා ගත් බවයි.

දුම්රිය අත්පත් කරගත් සටන්කාමීන් 33දෙනාම ඝාතනය කළ බවද බලධාරීන් සඳහන් කළා.

එමෙන්ම දෙපාර්ශවය අතර ඇති වූ වෙඩි හුවමාරුවකදී ප්‍රාණ ඇපකරුවන් 27දෙනෙක් මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)