මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 3ක් අක්‍රීය වීමෙන් රෝගීන් දැඩි පීඩාවට පත්වී තිබෙනවා.
එමෙන්ම අපේක්ෂා රෝහලේ පවතින එවැනි යන්ත්‍ර ගණන 05ක් බවයි වාර්තා වන්නේ.
පසුගිය සතියේ සිට එම යන්ත්‍ර අක්‍රීයවී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ ප්‍රතිකාර ඇනහිට ඇති බවයි.
එම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගතවීමේදී යන්ත්‍ර ක්‍රියාවිරහිත වී දින 03ක් ඇතුළත යථා තත්ත්වයට පත් කළ යුතු බවට කොන්දේසියක් පනවා තිබෙනවා.
එලෙස සිදු කිරීමට අපොහොසත් වුවහොත් ගිවිසුම් ගත මුදලින් දිනකට 01%ක අධි භාරයක් අදාළ සමාගමෙන් අය කළ යුතුයි.
එහෙත් පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එලෙස අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ක්‍රියා කර නොමැති බවද සභාපතිවරයා ප්‍රකාශ කළා.
(colombotimes.lk)