01 July 2025

logo

තැපැල් ඡන්ද ඉල්ලුම්පත් භාර ගැනීම අදින් අවසන්



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අදින් (12) අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ට ඡන්ද බල ප්‍රදේශයට අදාළ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සහතික කිරීමේ නිලධාරීන් මඟින් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තැපැල් ඡන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමක් සිදු නොකරන බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)