01 July 2025

logo

මැතිවරණ කොමිසම විශේෂ සාකච්ඡාවකට අද රැස්වෙයි



ඡන්ද මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිසම අද (11) රැස්වීමට නියමිතව තිබෙනවා.

මැතිවරණ කොමිසම සඳහන් කළේ ඊයේ (10) නාමයෝජනා ලබා ගැනීමට දින නියම වූ ප්‍රාද්ශීය සභා 03ට අදාළ ඡන්ද විමසීම පිළිබඳව අද රැස්වන කොමිෂන් සභා රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එම ඡන්ද විමසීම ද සෙසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් දිනයේම පැවැත්වීමට දැනට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.

තැපැල් ඡන්ද කටයුතු සම්බන්ධයෙන්ද අද රැස්වන කොමිෂන් සභාවේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)