colombotimes.lk
සිංහල | English

19 May 2024

අනුර සජිත්ට අවසන් නිවේදනය නිකුත් කරයි



විපක්ෂ නායකවරයා මේ මස 20 වනදාට පෙර යෝජිත විවාදයට දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ගියා සේ සළකන බව ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක පවසනවා.

මීට පෙර අදාළ විවාදය සඳහා මේ මස 7, 9, 13 හෝ 14 යන දිනයන් ලබා දුන් බවත් ඒවාට නිසි ප්‍රතිචාර නොලැබුණු බවත් ඔහු කියා සිටියා.

ඒ අනුව අවසාන අවශයෙන් 20 වනදාට පෙර ඕනෑම දිනයක් විපක්ෂ නායකවරයාට තෝරා ගත හැකි අතර එම දිනයට තමන් අනිවාර්යෙන්ම පැමිණෙන බව අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම එම දිනයේ හෝ ඊට පෙර ඔහු නොපැමිනෙන්නේ නම් එම පක්ෂය යෝජනා කරන ආර්ථික කමිටුව සමඟ විවාදයට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)