17 June 2025


විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට අනුමැතිය



විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. 

එම පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම වෙනුවෙන් අධ්‍යාපන, උසස් අධයාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බවයි වාර්තා වන්නේ. 

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත 2016 අංක 17 දරන විශ්වවිද්‍යාල (සංශෝධන) පනතින් අවසන් වරට සංශෝධනය කර තිබෙනවා.  

 
(colombotimes.lk)