17 June 2025


ඉන්ධන හිඟය ගැන රජයෙන් ප්‍රකාශයක්



ඉරාන - ඊශ්‍රායල් ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ඉන්ධන හිඟයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා විශ්වාස නොකරන ලෙස කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා. 

ඒ අද (17) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්. 

මාස දෙකහමාරකට අවශ්‍ය ඉන්ධන තොග රට තුළ තිබෙන බවත් ඉදිරි දින කිහිපයේ තවත් ඉන්ධන තොග මෙරටට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)