17 June 2025


ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට



ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුජිත් ප්‍රියන්ත මුතුමාල අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් කොමිසම විසින්. 

එම සංස්ථාව යටතේ ක්‍රියාත්මක කර ඇති වේරන්ස් ගඟ ව්‍යාපෘතියේ පළමු අදියර විවෘත කිරීමේ උත්සව කටයුතු වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව ආයතනයක් තෝරා ගනිමින් එම ආයතනය වෙත වාසියක් සිදු කිරීම හා එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් කිසිදු මුදලක් වෙන් කර නොතිබියදී එම උත්සවය සඳහා ව්‍යාපෘති අරමුදලින් රුපියල් ලක්ෂ 276ක මුදලක් වැය කිරීමෙන් රජයට පාඩුවක් සිදු කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
 

(colombotimes.lk)