17 June 2025


ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් විශේෂ කැබිනට් තීරණයක්



2025 වර්ෂය සඳහා වන අයවැය කථාවෙහි යෝජිත පරිදි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. 

ඒ අනුව වයස අවුරුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් 2025-07-01 දින සිට 2025-12-31 දින දක්වා වන කාලසීමාව තුළ විවෘත කරන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ස්ථාවර තැන්පතුවේ කාල සීමාව මාස 12ක් වන අතර උපරිම තැන්පතු වටිනාකම රුපියල් මිලියනයක් බවයි සඳහා වන්නේ. 

බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට අමතර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකාශිත ස්ථාවර තැන්පතු පොලී අනුපාතයට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනුපාතය ගෙවීමටත් අනුමැතිය හිමි වී තිබෙනවා

සමස්ත වැඩසටහන සඳහා පොලී සහනාධාර ගෙවීම වෙනුවෙන් වෙන්කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් බිලියන 30ක්. 

(colombotimes.lk)