16 July 2025

logo

රන් මිලෙහි අඩුවීමක්



පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (17) සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 1,024,098ක් ලෙසයි.

එය ඊයේ (16) රුපියල් 1,032,398ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 265,000ක් දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,120ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල අද සටහන් වුණේ රුපියල් 31,620ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 36,130ක් දක්වා අඩුවී තිබෙනවා.
 
(colombotimes.lk)