17 April 2025


ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පිහිටුවීමට අනුමැතිය



ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය ( Chartered Institute of Media Professionals - Sri Lanka ) පිහිටුවීමේ පනත් කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදීයි.

මෙරට මාධ්‍ය සමාජයේ ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා නිපුණතාවෙන් යුත් පිරිපුන් විද්වත් මාධ්‍ය වෘත්තීයවේදීන් බිහිකිරීම මෙහි අරමුණ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.


(colombotimes.lk)