26 December 2024


විපක්ෂනායක පුටුවේ අසුන් ගත් අර්චුනා සමාව ඉල්ලයි



දසවන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩිවූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබෙනවා.

ඒ අද (25) නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවේදීයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ තමන් සිතාමතා විපක්ෂ නායක අසුනේ අසුන් ගැනීමක් සිදු නොකළ බවත් තමන් අතින් එවැනි වැරදි දෙයක් සිදු වුණේ නම් ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි.

(colombotimes.lk)