07 July 2025

logo

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්



උසස් පෙළ වෘත්තිය විශය ධාරාව යටතේ 2025 වසර සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම වෙනුවෙන් අයදුම් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ වෘත්තිය විෂය ධාරාව සඳහා 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේදී සාමාන්‍ය පෙළ විභාගයේ සමත් අසමත් භාවය නොසලකන බවයි.

https://moe.gov.lk/2025/05/37984/ යන සබැඳියට පිවිසීමෙන් ඒ සඳහා අයදුම්පත් ලබා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)