18 September 2025

logo

සුමන්දිරන්ගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා



පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා ගොනුකර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කළා.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත පාර්ලිමේන්තුව තුළදී නිත්‍යානුකූලව සම්මතවී නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා එම පෙත්සම ගොනුකර තිබෙනවා.

ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
(colombotimes.lk)