සත්ත්ව සංගණන වාර්තාවේ ජනතාව දුන් තොරතුරුවලින් 50%ක සත්‍යතාවක් පවතින බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා.
ඒ අද (26) පාර්ලිමේන්තුවේදී සභාව අමතමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම සංගණනයේදී වඳුරා, රිළවා, මොනරා, දඬුලේනා යන සතුන් පිළිබඳ සමීක්ෂණය සිදුකර ඇති බවයි.
එහි ප්‍රතිඵලවලට අනුව ජනතාව විසින් ලබාදුන් වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රතිඵල සත්‍යාපනයේදී තහවුරු වුණේ ප්‍රජාව විසින් ලබාදුන් වඳුරන් හා රිළවුන් සම්බන්ධ තොරතුරුවල 50%ක සත්‍යතාවක් පවතින බවයි.
ඒ අනුව සමීක්ෂණයේ අදාළ අගයන්හී 50%ක අගය නිවැරදි අගය ලෙස සැලකීමට, ආහාර බෝග වගාවන්ට සිදුවන සත්ත්ව හානි අවම කිරීම සඳහා නිර්දේශ සකස් කිරීමේ කමිටුව තීරණය කර තිබෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම නිල වාර්තාවට අනුව රිළවා, වඳුරා, මොනරා, දඬුලේනා යන සතුන් සම්බන්ධ ප්‍රමාණයන්ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අගයන් පහතින්,
රිළවුන් - 5,197,517
වඳුරන් - 1,747,623
දඬුලේනුන් - 2,666,630
මොනරුන් - 4,285,745
මෙම සමීක්ෂණයට අදාළ සතුන් නොසිටීම හේතුවෙන් යාපනයේ ඩෙල්ෆ් දූපතට අයත් ග්‍රාම නිලධාරී වසම් 6ක පමණ සංගණනය සිදුකර නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)