22 November 2024


පරිගණක අපරාධවලට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන්ට ඇප



පරිගණක අපරාධ සිද්ධි රැසක් සම්බන්ධයෙන් මහනුවර කුණ්ඩසාලේ සුඛෝපභෝගි හෝටලයකදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 130දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබෙනවා.

ඒ ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුගිය ඔක්තෝබර් 12 වනදා ඔවුන් මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය හා වි⁣ශේෂ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන මේ දක්වා දින 38ක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

සැකකරුවන් අතරට චීන ජාතික තරුණයන් 108දෙනෙක් හා චීන ජාතික තරුණියන් 22ක් ඇතුළත්.  

තෙල්දෙණිය මහේස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන රුපියල් 75,000 මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහයක පෞද්ගලික ඇපයක් මත සැකකරුවන් මුදා හැරීමට නියෝග කළා.

(colombotimes.lk)