ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගනයේ ටැංකි 24ක් සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව එම තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03ක් ඇතුළත නිම කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කිරීමට නියමිතයි.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධනය අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශවයන්ගේ අනුමැතීන් මේ වන විට ලබා ගෙන තිබෙනවා.
ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අරමුදල් මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)