04 March 2025


15% බදු ප්‍රතිශතය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් පැහැදිලි කිරීමක්



මෙරට සෑම පුරවැසියෙක්ම බදු ගෙවිය යුතු බවත් ඊට පුද්ගලයන් මෙන්ම සමාගම්ද අදාළ වන බවත් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

ඒ අද (04) පාර්ලිමේන්තුවේදීයි.  

මේ හේතුවෙන් ඩිජිටල් ක්ෂේත්‍රයේ පුද්ගලයන්ට පමණක් බදු පැනවූ බවට ලඝු කර ගැනීම ගැටළු සහගත බව ඔහු ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙම 15% බදු ප්‍රතිශතය කිසිවිටකත් අසාධාරණ ලෙස පනවා නොමැති බවයි.

(colombotimes.lk)