18 April 2025


කෝප් නිලධාරීන් බණ්ඩාරනායක ගුවන්තොටුපළට



සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමට (AASL) අදාළව 2022 සහ 2023 වසරවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනයට අදාළව පසුගිය 02වනදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය පසුවිපරමට ලක් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කෝප් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීරගේ මූලිකත්වයෙන් ඊයේ (09) කෝප් කාරක සභාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථානීය පරීක්ෂණයක නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.



(colombotimes.lk)