04 December 2024


රජයේ සැප වාහන ගැන කැබිනට් මණ්ඩලයෙන් විශේෂ තීරණයක්



රාජ්‍ය ආයතන වල පවතින අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්‍රමවේදයකට අනුව අපහරණය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ  සියලුම රාජ්‍ය ආයතනවල පවතින වාහන පිළිබඳව විධිමත් අධ්‍යනයක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමු වී තිබෙන බවයි.

එම අධ්‍යනයෙන් පසු පෙට්‍රල් එන්ජින් ධාරිතාව 1800cc වැඩි වාහන, ඩීසල් එන්ජින් ධාරිතාව 1300cc වැඩි (ඩබල් කැබ්, සිංගල් කැබ්, වෑන් රථ, බස් රථ හැර) අනෙකුත් වාහන 2025 මාර්තු මස 01 වනදාට පෙර අපහරණය කිරීමටත් ඒ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය වෙත වාර්තා කිරීමටත් චක්‍රලේක සහ උපදෙස් නිකුත් කිරීමට භාණ්ඩාගාර ලේකම්වරයා වෙත බලය පැවරීමටත් අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම අධි සුඛෝපභෝගී වාහන පිළිබඳව මහා භාණ්ඩාගාර විසින් ඉදිරිපත් කරන යෝජනාවට අනුව කටයුතු කරන බවයි.

(colombotimes.lk)