2024 වසරේ පෙබරවාරි මාසයේ ඉල්ලුම් කරන ලද පවුල් හා පුද්ගලයන් දෙවන අදියරය සඳහා නැවත අයදුම්පත් යොමු කිරීමට අවශ්‍ය නොමැති බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ එම පවුල්වල අයදුම්පත් මේ වන විටත් පද්ධතියට ඇතුළත් කර ඇති බවයි.
මේ අතර අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන සඳහා මේ දක්වා ඉල්ලුම් කිරීමට නොහැකි පවුල් හා පුද්ගලයන්ට ඉල්ලුම් කිරීම සඳහා දෙසැම්බර් 09 වනදා දක්වා සහන කාලයක් ලබාදී තිබෙනවා.
අදාළ වැඩසටහනට ඉල්ලුම් කිරීමට හැකියාව තිබෙන්නේ මෙතෙක් අස්වැසුම වැඩසටහනට අයඳුම්පත්‍ර ඉදිරිපත් කිරීමට නොහැකි වූ පවුල්වලට පමණක් බවද එම නිවේදනයේ සඳහන්.
(colombotimes.lk)