11 January 2026

logo

පළාත් පාලන මැතිවරණයට නව නාම යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය



පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විට කැඳවා තිබෙන නාම යෝජනා ආපසු කැඳවා නව නාම යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ඒ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

ඒ අනුව 2023 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණයට අදාළව කැඳවා තිබූ නාම යෝජනා අවලංගු කිරීමටත් නව නාම යෝජනා කැඳවීමට අදාළ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අනුමැතිය හිමිවී තිබෙනවා.

(colombotimes.lk)