ගංවතුරෙන් හානි වූ කුඹුරු ඇතුළු වගා බිම් සඳහා මේ වසර අවසන් වීමට පෙර වන්දි ලබා දෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.
එහි සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි සඳහන් කළේ ගොවිබිම්වලට වූ හානි පරීක්ෂා කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඒ සඳහා කණ්ඩායම් 15ක් අනුයුක්ත කර තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.
සභාපතිවරයා සඳහන් කළේ වී, බඩ ඉරිඟු, සෝයා, අර්තාපල්, මිරිස් හා ලොකු ළූණු යන බෝග වගාවන්ට ගංවතුරෙන් වූ හානිය සළකා බලා අක්කරයකට උපරිමය රුපියල් 40,000ක් වන සේ වන්දි ප්‍රදානය කරන බවයි.
(colombotimes.lk)