12 February 2026

logo

කමිඳු මෙන්ඩිස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉහළට



නවතම ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ සහ ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (04) නිවේදනය කළා.

ඒ අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 07වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.

ICCය සඳහන් කළේ එම ශ්‍රේණිගත කිරීම්වල ධනංජය ද සිල්වා 15වන ස්ථානය දක්වාත් දිනේෂ් චන්දිමාල් 17වන ස්ථානය දක්වාත් ඉදිරියට පැමිණ ඇති බවයි.

මේ අතර ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල අසිත ප්‍රනාන්දු 13වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔහු මීට පෙර එහි රැඳී සිටියේ 14වන ස්ථානයේයි.

කෙසේ වෙතත් ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල 05වන ස්ථානයේ සිටි ප්‍රභාත් ජයසූරිය නවතම ශ්‍රේණිගත කිරීම්වල 8වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

නවතම ICC ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් පහතින්,




(colombotimes.lk)