මෙරට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ පුනර්ජනනීය ව්‍යාපෘති සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව බලශක්ති අමාත්‍යාංශයට භාරදී තිබෙනවා.
එහි ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සඳහන් කළේ ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් එම කමිටුව කළ අධ්‍යයනයකින් අනතුරුව වාර්තාව සකස් කර ඇති බවයි.
එමඟින් අදාළ වාර්තා ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ ගණනාවක්ද ඉදිරිපත් කර තිබෙනවා.
ඔහු කියා සිටියේ එම නිර්දේශ කිහිපය ලබන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඒ සඳහා කැබිනට් මණ්ඩලය ගන්නා තීරණයට අනුව අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළා.
ලේකම්වරයා සඳහන් කළේ නව විදුලිබල පනත අනුව අදාළ පුනනර්ජනනීය විදුලි ව්‍යාපෘති ලබන ජූනි මාසයට පෙර ආරම්භ නොකළ හොත් ඒවා අවලංගු වන බවයි.
එමෙන්ම අදාළ ව්‍යාපෘතිවලින් උත්පාදනය කිරීමට අපේක්ෂිත විදුලි ධාරිතාව මෙගාවෝට් 250කට අධික බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
(colombotimes.lk)