11 January 2026

logo

ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදය අද



ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අදාළ යෝජනාව පිළිබඳ විවාදය අදත් (04) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ පෙරවරු 9.30 සිට සවස 5.00 දක්වායි.

අනතුරුව පස්වරු 5.00ට ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඊයේ දිනයේ ආරම්භ වූ විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් තම අදහස් පළ කළා.

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණයකට අනුව අධික වර්ෂාවත් සමඟ ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳ කල් තැබීමේ විවාදයක්ද අද පැවැත්වීමට නියමිතයි.

එය අද පස්වරු 5.30 සිට රාත්‍රි 9.30 දක්වා පැවැත්වෙනවා.

(colombotimes.lk)