colombotimes.lk
සිංහල | English

19 May 2024

කැබිනට් මණ්ඩලය තීරණය කළ Visa ගාස්තු අද සිට



සංචාරක වීසා ගාස්තු සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අද (07) සිට ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක ගාස්තුව එලෙසම අද සිට ක්‍රියාත්මක වන බවයි.

ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනිසියාව යන රටවල් 7ට මෙතෙක් නොමිලේ සැපයූ වීසා සේවාව තවදුරටත් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.
 
ඊට අමතරව මෙරටට විදේශිකයෙකු ඇතුළු වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ පූර්ණ වගකීම යළිත් ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)