Clean Sri Lanka අරමුදලක් සහ එහි කළමනාකරණය සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
'පොහොසත් රටක් ලස්සන ජීවිතයක්' යන නව රජයේ දැක්මට අනුව මෙහෙයවන මෙම පරිවර්තනීය මුල පිරීම සමාජිය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් පමණක් නොව දේශපාලනික, සාමාජීය, ආධ්‍යාත්මක මෙන්ම පාරිසරික වශයෙන්ද සැළකිය යුතු පසුබෑමකට ලක්වීම සැළකිල්ලට ගෙන මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව තහවුරු කිරීම තුළින් ජාතික අපේක්ෂාව සාක්ෂාත් කර ගැනීම සඳහා සිදු කරන ජාතික මෙහෙයුමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
(colombotimes.lk)