22 January 2025


ප්‍රධාන පත්වීම් 3කට කැබිනට් අනුමැතිය



සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට සහ ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යාංශවලට ප්‍රධාන පත්වීම් සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු 2025 ජනවාරි 01වනදා දින සිට පුරප්පාඩු වූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් වන චන්දන සමන් රණවීර ආරච්චි ඉඩම් කොමසාරිස් ජෙනරාල් ධූරයට පත් කර තිබෙනවා.

එමෙන්ම කෘෂිකර්ම කොමසාරිස් ජෙනරාල් ධූරය සඳහා ඊ. ආර්. පී. එස්. එදිරිමාන්න පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)