22 January 2025


රේගු නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්



රේගු වෘත්තීය සමිති සන්ධානය අද (21) පෙරවරුවේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට අවසන් කර තිබෙනවා.

එම ගැටලුවට ජනාධිපතිවරයා මැදිහත්වීමෙන් පසු ඔවුන් මෙම ක්‍රියාමාර්ගය අවසන් කළ බවයි වාර්තා වන්නේ.

නිසි පරීක්ෂාවකින් තොරව අවධානම් ලෙස හඳුනාගත් බහාලුම් 323ක් නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කළ බව පවසමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් බහාලුම් පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ඉවත්වීමටද පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවට ජනපතිවරයා දැනුම්දීමත් සමඟ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

(colombotimes.lk)